Social Icons

facebookrss feedemailtwitter

Friday, March 9, 2018

කටාර් රාජ්‍යය නේටෝව සමඟ එකඟතාවකට

සම්බාධක හේතුවෙන් අර්බුදයකට මුහුණ දී සිටින කටාර් රාජ්‍යය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානය සමඟ ආරක්ෂක ගිවිසුමකට අත්සන් කළේය.
අත්සන් තැබීම සිදුවූයේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර නේටෝ මූලස්ථානයේදී වන අතර, එම අවස්ථාවට කටාර් එමීර් තමීම් බින් හමාද් අල් තානී, කටාර් විදේශ ඇමැති මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී, නේටෝ සංවිධානයේ නියෝජ්‍ය ලේකම් රෝස් ගොටෙමොලෙර් සහ නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් ද එක් වූහ. ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වන බවට හා අන්තවාදයට සහය දෙන බවට චෝදනා කරමින් සෞදිය ප්‍රමුඛ ගල්ෆ්ප කලාපීය රටවල් එක්ව සම්බාධක පනවා කටාර් රාජ්‍යය හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත. මෙම අර්බුදය විසඳා ගැනීමට කටාර් රාජ්‍යය සූදානම් වේ. ඔවුන් නේටෝව සමඟ මෙලෙස ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබන ලද්දේ ඒ අනුවය.