Social Icons

facebookrss feedemailtwitter

Friday, March 9, 2018

ඉන්දීය පිලට ජය

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති දෙවැනි තරඟයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 6ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලු 8ක් දැවී ලකුණු 139ක් ලබාගත්තේය.

ලිටන් ඩයස් ලකුණු 33ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී යාදෙව් උනට්කඩ් කඩුලු 3ක් දවා ගැනීමට සමත්ව ඇත. පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4කදී කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය කරා ලගා විය. ශිකර් දවාන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 55ක් ලබාගත්තේය.