Social Icons

facebookrss feedemailtwitter

Friday, March 9, 2018

ජාත්‍යන්තර කාන්තා දිනය ‍

මෙවර සැමරෙන්නේ 107 වැනි ජාත්යාන්තර කාන්තා දිනයය. “දියුණුවේ මං පෙත් හෙළිකරයි - ඇය සවිමත්” යන්න මෙවර ජාත්‍යාන්තර කාන්තා දින තේමාව වේ.


මීට දශක ගණනාවකට ඉහතදී වර්ෂ 1908 මාර්තු 08 වැනි දින අමෙරිකා එක්සත් ජනපදයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කළ කාන්තාවන් පිරිසක් තම පැය 16 යේ සේවා මුරය පැය 10කට සීමා කිරීමේ අයිතිවාසිකම ලබාදෙන මෙන් ඉල්ලා නිව්යෝර්ක් නුවරදී වීදි බැස පෙළපාළි ගියේය. එම සිදුවීමෙන් වසරකට පසුව එනම් 1909 දී අන්තර්ජාතිකව ලෝක කාන්තා දිනයක් පිළිබඳ අදහසක් ලෝකයේ ඇති විය.


නිල වශයෙන් කාන්තා දිනය සැමරිය යුතු බවට තීරණය කෙරුණේ, 1910 වසරේදීය. ඒ කෝපන්හේග් නුවර පැවැති රැස්වීමකින් අනතුරුවය. එහිදී ඔවුන් තෝරාගත්තේ පෙබරවාරි 28 වනදාය. නමුත් වර්ෂ 1910 දී කෝපන්හේග් නුවර රැස්වුණු අන්තර්ජාතික සමාජවාදීන් විසින් ලෝක කාන්තා දිනය මාර්තු මස 8 වැනි දින සැමරිය යුතු බවට නම් කළේය.


මෙලෙස කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණේ, කාන්තා අයිතීන් සුරැකීම සහ කාන්තා අභිවෘද්ධිය වෙනුවෙනි. කෝපන්හේග් නුවර පැවැති පළමු සමුළුවෙන් අනතුරුව වර්ෂ 1911 යේ සිට ලොව රටවල් ගණනාවක් ‍අද වන විට ලෝක කාන්තා දිනය සමරනු ඇත.
පළමු ලෝක යුද්ධය අවසාන වනතුරු කාන්තාවන්ට ඡන්ද අයිතිය හිමිව නොතිබිණ. කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දිය යුතු බව මුලින්ම සඳහන් කළේ බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී “ජෝන් සවුඩ්” මහතාය. ඒ 1869 දී. කාන්තාවන්ට නිල ඡන්ද බලය ලබා දුන්නේ නවසීලන්ත රජය විසිනි. ඒ 1893 සැප්තැම්බර් මස 19 වැනිදාය. ලොව සියලුම රටවල කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දුන්නේ,දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවීමත් සමග.


ලෝක කාන්තා දිනයේ දී ලෝකයේ සිටින සෑම කාන්තාවගේම කාන්තා අයිතිවාසිකම් සහ ඔවුන්ගේ දේශපාලනික, සමාජ, ආර්ථික හා සංස්කෘතික ජයග්‍රහණ සැමරීම සිදු කෙරේ. එමෙන්ම ලෝක ඉතිහාසයේ අමතක නොවන සලකුණක් එකතු කළ වීර කාන්තාවන් පිළිබඳ මතකය අවදි කිරීම ද සිදු වේ.