Social Icons

facebookrss feedemailtwitter

Monday, July 30, 2018

කොරියානු යුද්ධයේදී මියගිය අමෙරිකානු බටයන් පිළිබඳ ශේෂයන් යළි අමෙරිකාවට

කොරියානු යුද්ධයේදී මියගිය අමෙරිකානු බටයන් පිළිබඳ ශේෂයන් අමෙරිකාවට ලබාදීමට උතුරු කොරියාව තීරණය කරයි.

ඒ අනුව ඇමරිකානු ගුවන් යානයකින් අදාළ භෂ්මාව ශේෂයන් දකුණු කොරියාවේ ඇමරිකානු යුද කඳවුරක් වෙත රැගෙනවිත් තිබෙන බව වාර්තා වේ. 1950 – 1953 කාලයේදී පැවැති කොරියානු යුද්ධය හේතුවෙන් ඇමරිකානු භටයින් දහස් ගණනක් ඝාතනයට ලක්ව තිබිණි.

මිට පෙර අවස්ථා කිහිපයකදි සිදු කළ මෙහෙයුම් වලින් ඇමරිකානු භටයින්ගේ ශේෂයන් ලබාදීමට උතුරු කොරියාව පියවර ගෙන තිබුණ ද 2012 වසරෙන් පසු එම මෙහෙයුම් නවතා තිබිණි. කෙසේ වුවද ඇමරිකා, උතුරු කොරියා නායක හමුවෙන් පසු උතුරු කොරියාව ගත් මෙම තීරණය ඇමරිකාවේ ඇගයීමට ලක්ව ඇති අතර, එම ශේෂයන් භාරගැනිම පිළිබඳ උත්සවය අගෝස්තු 01 වැනි දින පැවැත්විමට නියමිතයි.