ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ ජීවත්වන මිලියන හතරක පමණ ජනතාවට ඉන්දියානු පුරවැසි භාවය අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.
මොවුන් බොහෝ පිරිසක් බංගලාදේශයෙන් පැමිණි අනවසර සංක්‍රමණිකයන් බව පැවසේ. 1971 වර්ෂයේ ඉන්දියාව බංගලාදේශයෙන් ස්වාදීනත්වය ලබා ගැනිමට පෙර අසාම් ප්‍රාන්තයට පැමිණ තිබූ පුද්ගලයන්ගේ නම් පුරවැසි ජාතික ලේඛණයේ සටහන්ව ඇති බවත් එසේ නොවන පිරිසකගේ පුරවැසි භාවය අහිමිවීමට ඉඩ ඇති බවත් බලධාරීහු පවසති.
මිලියන 32ක පමණ පිරිසක් පුරවැසිභාවය තහවුරු කිරීමේ ලේඛණ ඉදිරිපත් කර ඇතත් එයින් මිලියන හතරක පිරිසකගේ නම් බැහැර කර ඇත. කෙසේ වුවද මෙය අසාම්හි ජීවත්වන සුළුතර ජනවාර්ගික කණ්ඩායම් දඩයම් කිරීමට සූදානම් වීමක් වියහැකි බවට බොහෝ දෙනා බිය පල කරති.