Social Icons

facebookrss feedemailtwitter

Friday, July 27, 2018

පළාත් සභා හතක ඡන්දය ජනවාරී මාසයේ

පළාත් සභා නිල කාලය අවසන් වන පළාත් සභා හතක මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්විය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ට 26 වැනි දින දැනුම් දී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට පෙර පළාත් සභා මැතිවරණය ස්ථිර ලෙසම පැවැත්වීමට රජය තීරණය කර ඇත. ‍ උතුරු මැද, සබරගමු හා නැ‍ඟෙනහිර පළාත් සභා තුනෙහි නිල කාලය අවසන්ව ඇති අතර මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභාවන්හි නිල කාලය සැප්තැම්බර් මාසයේ දී අවසන් වීමට නියමිතයි. දකුණු පළාත් සභාවේ ද නිල කාලය ලබන වසර මුල දී අවසන් වේ.

මේ අනුව එම පළාත් සභා හතේම මැතිවරණය පැවැත්වීමට නියමිතයි. බස්නාහිර සහ ඌව පළාත් සභා දෙකේ පමණක් නිල කාලය ලබන වසරේ මාස කිහිපයක් පවතී.