Social Icons

facebookrss feedemailtwitter

Friday, July 27, 2018

සාමාජික ගාස්තු නියමිත පරිදි ගෙවන ලෙස ජගත් ම‍හලේකම්වරයා සාමාජික රටවලින් ඉල්ලයි

නියමිත වේලාවට සම්පූර්ණ සාමාජික ගාස්තුව ගෙවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සාමාජික රට වලින් ඉල්ලීමක් කරයි.

එහි ප්‍රකාශක ස්ටෙපන් දුජාරික් මහතා පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙර නොවූ විරූ මුදල් හිඟයකට මුහුණ දෙමින් සිටින බවයි. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා මේ පිළිබඳව සිය සැලකිල්ල යොමු කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යමණ්ඩලය වෙත පණිවුඩයක් ද යොමු කර ඇත.

මුදල් හිඟය මී‍ට පෙර බරපතල ගැටළුවක් නොවූ බව පැවසූ ජගත් මහලේකම්වරයා කාර්යමණ්ඩල නොවන වියදම් අඩු කරන ලෙස ද එම පණිවුඩයෙන් ඉල්ලීමක් කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශකයා පැවසුවේ සාමාජිකයින් 193 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් 112 දෙනෙකු පමණක් මේ දක්වා මෙම වසරේ සිය ගාස්තුව ගෙවා ඇති බවයි.