Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 31, 2018

ආසියා ශාන්තිකර විකාශ සංවර්ධන ආයතනයේ 17 වන මහ සමුළුව ශ්‍රී ලංකාවේ

ආසියා ශාන්තිකර විකාශ සංවර්ධන ආයතනයේ 17 වන මහ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කෙරේ.

ආසියා ශාන්තිකර කලාපය තුළ දියුණු සහ නවීන විද්‍යුත් මාධ්‍ය පරිසරයක් ඇති කර ගැනීමේ අරමුණ ඇතිව ආසියා ශාන්තිකර විකාශ සංවර්ධන ආයතනය පිහිටුවා ඇත. එම ආයතනය එහි සාමාජික රටවල මාධ්‍ය උපදේශන ආයතනයක් ලෙසට ද කටයුතු කරයි.

මෙම ආයතනයේ 17 වැනි මහ සමුළුව 2018 වර්ෂයේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමටත්, එහි සත්කාරක කටයුතු සිදු කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.