Social Icons

facebookrss feedemailtwitter

Monday, July 30, 2018

ෆේස්බුක් සමාගමේ ආදායම සීග්‍රයෙන් පහතට

ෆේස්බුක් සමාගමේ ආදායම සීඝ්‍රයෙන් පහත බැස තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එක් දිනකට අමෙරිකානු ඩොලර් බිලියන 120 කින් එම ආදායම පහත බැස ඇති බවයි.

එමෙන්ම එම සමාගමේ කොටස් අගය සියයට 19කින් පහත බැස ඇති බව ද සඳහන්. තම ආදායම පහත බැසීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ ආදායමට වඩා වියදම ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි. ව්‍යාජ සහ හානිකර පුවත් අධීක්ෂණය සඳහා නව පියවර ගැනීමට සිදුවීම හේතුවෙන් මෙලෙස වියදම ඉහළ ගොස් ඇති බව සඳහන්.