Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

විකිලීක්ස් නිර්මාතෘ බ්‍රිතාන්‍යයට බාරදීමේ සූදානමක්

ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැඳී සිටින විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් බ්‍රිතාන්‍ය රජයට බාරදීමේ සූදානමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉක්වදෝර් ජනාධිපතිවරයා ඉදිරියේදී බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතවීමට නියමිත අතර, එහි දී ජුලියන් අසාන්ජ් බාරදෙනු ඇති බවයි, මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. අසාන්ජ්ගේ විකිලීක්ස් වෙබ් අඩවිය අමෙරිකාව යුද අපරාධ සිදු කරන බවට හෙළි කළ කරුණු හේතුවෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා.

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමත් සමඟ ඔහු ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණ ලබාගත්තා. දැනට වසර 6ක් තිස්සේ අසාන්ජ් රැඳී සිටින්නේ එම ගොඩනැගිල්ල තුළයි.