Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

තායි ලෙනේ සිර වූ අවසන් 5 දෙනා ද මුදා ගැනේ

තායිලන්තයේ තාම් ලූවන් ලෙනෙහි සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ අවසන් ළමයින් 04 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථක වේ.

වයස අවුරුදු11ත්, 17ත් අතර වයස් කාණ්ඩයේ පසුවන මෙම ළමුන් සිය පුහුණුකරු සමඟ මෙම ලෙනෙහි අතරමං වූයේ පසුගිය ජුනි 23 වැනි දිනය.
ජාත්‍යන්තර කිමිදුම්කරුවන්ගේ සහය ඇතිව ක්‍රියාත්මක කෙරුණු මුදා ගැනීමේ මෙහෙයුමෙන් ළමයින් 8 දෙනෙකු ඉවත් කර ගැනීමට හැකි විය. පසුගිය දින දෙක තුළ සිදුකෙරුණු මෙම මෙහෙයුම අපේක්ෂා කළ මට්ටමට වඩා සාර්ථක වූ බවයි, තායි බලධාරීන් ප්‍රකාශ කළේ.

මුදා ගත් ළමුන් මේ වන විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදෙන අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව සඳහන්.