Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 31, 2018

නවකවදයට වසර 10ක් හිරේ

නවකවදය දෙන සිසුන්ට තරාතිරම නොබලා නවකවද පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලු පොලිස් ස්ථානවලට උපදෙස් දේ.

මේ බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. නවකවද පනත යටතේ චෝදනා ලැබූවකුට ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයකුට වුවද බලයක් නොමැති බව කී රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් වැරදිකරුවකු වුවහොත් වසර 10කට සිරගත කිරීමේ බලය පවතින බව ද අවධාරණය කළේය.

මෙතෙක් නිද්‍ර­ාශීලීව තිබූ 1998 නවකවද පනත මේ වන විට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන බව ද සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු හා පාලක සභා ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා සදහන් කළේය. ඔහු මේ අදහස් පළ කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. සිසුන්ගේ විනය හදා ගැනීම සදහා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීම හා පවත්වාගෙන යාම ඉතා අසීරුවී ඇති නිසා නවකවදය සම්බන්ධයෙන් අනුකම්පා විරහිතව කටයුතු කරන්නට සිදුව ඇති බව ද හෙතෙම මෙහිදී සදහන් කළේය.