Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 31, 2018

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් පසු සංචාරකයින් පිරිසක් කදුකර ප්‍රදේශයක සිරවෙයි

ඉන්දුනීසියාවේ කදුකර ප්‍රදේශයක සංචාරකයින් 200 දෙනෙකු පමණ සිර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ රිච්ටර් මාපාංක 6.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් අනතුරුවයි. කම්පනයත් සමග සිදුව ඇති නායයාම් නිසා අදාළ සංචාරකයින්ට පිටවීම සදහා පැවැති මාර්ග වැසී ඇති බව සදහන්. සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන ප්‍රදේශයක සිදු වූ භූ කම්පනයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගිය අතර තවත් 160 දෙනෙකු පමණ තුවාල ලැබීය.