Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 31, 2018

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අළුතින් එක්වුණු "A-321 නියෝ”

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහයට නවතම ගුවන් යානයක් එක්වේ. මෙය ජර්මනියේ නිෂ්පාදනය කරන ලද A - 321 නියෝ වර්ගයේ ගුවන් යානයකි.

මෙම යානය ඉන්ධන පිරිමැසීම සහ සුළං ප්‍රතිරෝධය අවම කරමින් පියාසර කළ හැකි ආකාරයට නවතම නිර්මාණයක් ලෙස සකස් කර තිබේ. ගුවන් යානයේ දිග අඩි 146 ක් වන අතර, පියාපත් අතර දිග අඩි117.5 කි. උස අඩි 37.7 ක් වේ.

මෙම යානය තුළ ව්‍යාපාරික පංතියේ මගීන් 12 දෙනෙකුට, පිරිමැසුම්දායක පංතියේ මගීන් 176 දෙනෙකුට සහ ගුවන් නියමුවන් දෙදෙනා සමග කාර්යය මණ්ඩලයේ 06 දෙනෙකුට එකවර ගමන් කළ හැකියි. මෙම ගුවන්යානය සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් එයාර් බස් වර්ගයේ ගුවන් යානා 26 ක් තිබේ.