Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

එන්නත් වංචාවක් නිසා චීන ඖෂධ වෙළෙඳපොළට දැඩි බලපෑමක්

එන්නත් වංචාවක් සම්බන්ධයෙන් චීන පොලිසිය එරට “චැන්ග්ෂෙන් බයෝටෙක්නොලොජි” නම් සමාගමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එමෙන්ම එම සමාගමේ සභාපතිනිය සහ තවත් ප්‍රධාන විධායක නිලධාරීන් සිව්දෙනකුට අපරාධ චෝදනා එල්ලවී ඇතැයි ද චීනයේ නිල පුවත් සේවය ෂිංහුවා පුවත් සේවය වාර්තා කර ඇත. මෙම සිදුවීමත් සමඟ චීන ඖෂධ වෙළෙඳපොළට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ද වාර්තා වේ.

චීනය ගෝලීය ඖෂධ වෙළෙඳපොළ තුළ විශාල භූමිකාවක් රඟ දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටියේය. මේ අනුව ඊට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ජලභීතිකා එන්නත සම්බන්ධයෙන් අදාළ සමාගම නිෂ්පාදන ලියකියවිලි වැරැදි ලෙස සකසා ඇති බව අනාවරණයවී ඇත. අදාළ එන්නත චීනයේ තුන් මස් වියැති දරුවන්ට ද ලබාදෙන බව පැවසේ.

චීනය තම එන්නත් ලොව පුරා ප්‍රවර්ධනය කිරීමට සූදානමින් සිටින අවස්ථාවක මෙය සිදුව තිබේ. මෙම සිදුවීම අනාවරණය වීමත් සමඟ චීන කොටස් වෙළෙඳපොළේ එන්නත් නිෂ්පාදනය කරන සහ ජෛව තාක්ෂණ සමාගම්වල කොටස් ඉතා වේගයෙන් පහළ වැටුණි. චීනය යනු ලොව දෙවැනි විශාලතම ඖෂධ වෙළෙඳපොළයි.