Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

ගුවන්තොටුපළේ ප්‍රමාදය වැළැක්වීමට ගුවන් මගීන්ට E -කාඩ්පතක්

ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආගමන හා විගමන කවුළු අසළදී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීම සඳහා ඔවුන්ට “E - කාඩ්පත්” නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මේ සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග යෝජනා කිරීමට ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය හා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට සැරසේ. සති 2ක් තුළ ඔවුන්ගේ නිර්දේශ අතුළත් වාර්තාව ලබාගෙන එය යෝජනාවක් වශයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ වනවිට මෙම සේවාව ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක ක්‍රියාත්මකයි. යෝජිත “E - කාඩ්පතට” මගියාගේ ඡායාරූපය හා ඇඟිලි සළකුණද ඇතුළත් කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි. ගුවන් මගීන්ට E - කාඩ්පත ගුවන්තොටුපළේ යන්ත්‍රයකට ඇතුළත් කර ස්වයං පරික්ෂාවකට ලක් කරගත හැකියි.

ආගමන හා විගමන නිලධාරින්ගේ සහායක් නොමැතිව මගීන්ට ගුවන් තොටුපොළට අතුළුවීමට හා පිටවීමට අවස්ථාව ලැබෙන බවද නිමල් සිරිපාලද සිල්වා මහතා ස සඳහන් කළේය. මීට පෙර E - පාස්පෝට් හෙවත් විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු යොදා තිබූ නමුත් එය ප්‍රමාද වීම නිසා ඒ වෙනුවට ක්ෂණික පියවරක් ලෙස මෙම E - කාඩ් පත නිකුත් කිරීමට අදහස් කළ බව ද ඇමතිවරයා පැවසීය.