Social Icons

facebookrss feedemailtwitter

Friday, July 13, 2018

යුද හමුදාපතිවරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කෙරේ

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සේවා කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තවත් වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

2017 වසරේ ජුලි මස 04 වැනි දින ඔහු නව යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් අතර, ඔහුගේ සේවා කාලය අවසන්වීමට නියමිතව තිබුණේ එළඹෙන අගෝස්තු මස 19 වැනි දිනය.

ඔහු හමුදාපතිවරයා ලෙස පත්වීමට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළා. 1981 වසරේදී කැඩෙට් නිලධාරියෙකු ලෙස හමුදා සේවයට එක්වූ ඔහු අවසන් යුද සමයේ යුද හමුදා සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.