Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 31, 2018

ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර සටන් විරාමයක්

ඇමෙරිකාව දකුණු ආසියාව වෙනුවෙන් පත් කළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනී ඇලිස් වේල්ස් හමුවී සාකච්ඡා පැවැත් බව ඇෆ්ගන් තලේබාන් සංවිධානය පවසයි.

තලේබාන් සංවිධානය කටාර් රාජ්‍යයේ කාර්යාලයක් පිහිටුවා ඇති අතර එහිදී සාකච්ඡා සිදුව ඇතැයි පැවැසේ. සාකච්ඡා පැවැත්වූයේ සටන් විරාමයක් සම්බන්ධයෙන් බවත්, සාකච්ඡා සාර්ථක වුණු බවත් තලේබාන් සංවිධානය වැඩි දුරටත් පවසා ඇත. සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් ඉදිරියේ දී ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර සටන් විරාමයක් ආරම්භ වීමට නියමිත බව ද පැවසෙයි.