Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

සිරියාවේ බෝම්බ ප්‍රහාරවලින් 220ක් පමණ මිය යයි

දකුණු සිරියාවේ ස්වෙයිදා පළාතේ ස්ථාන කිහිපයක සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් සිරියානු සිවිල් වැසියෝ 220 ක් ජීවිතක්ෂයට පත් වූහ.

500 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. ස්වෙයිදා පළාත අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට සිරියානු රජයේ හමුදා සහ ඔවුන්ට සහාය දක්වන සෙසු සටන්කාමී කල්ලි සමත් වූයේ මීට දින කිහිපයකට පෙරය.

සිරියානු රජයේ හමුදා ස්වෙයිදා පළාත මුදා ගැනීම කළේ, රුසියානු සොල්දාදුවන්ගේ ද සහාය ඇතිවයි. සිරියානු රජයේ හමුදා කළ ප්‍රහාරවලින් පසුබැස යන ත්‍රස්තයන් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බව සිරියානු රජය පවසයි.