Social Icons

facebookrss feedemailtwitter

Friday, July 13, 2018

පෙට්‍රල් ඩීසල් ඉහළ නගින්නේ මෙලෙසයි

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු 145 දක්වා රුපියල් 8 කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු 155 දක්වා රුපියල් 7 කින්ද මිල වැඩිකර ඇති අතර සාමාන්‍ය ඩීසල් රු 118 දක්වා රුපියල් 9 කින්ද සුපිරි ඩීසල් රු 129 දක්වා රුපියල් 10 කින්ද ඉහළ නංවා තිබේ.

භුමිතෙල් මිලෙහි වෙනසක් කර නැත. මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කොට ඇත්තේ ඛණිජ තෙල් සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වැනි දින ජාත්‍යන්තර තෙල් මිලට සාපෙක්ෂව මෙරට ඛණිජ තෙල් මිල ඉහළ පහළ දැමෙන අතර එය අතිශය විනිවිද භාවයෙන් යුතු ක්‍රියාදාමයක් වනු ඇති බවය.