Social Icons

facebookrss feedemailtwitter

Wednesday, July 11, 2018

ශ්‍රී ලංකාවේ ඉලක්කය 2050 සංවර්ධන රාජ්‍යයක් බවට පත්කිරීම - අගමැති රනිල් වික්‍රමසිංහ

වසර 2050 වනවිට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීමට අවශ්‍ය පදනම සකස්කර අවසන් බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙය ඉතා අභියෝගාත්මක කාර්යයක් බවයි, අග්‍රාමාත්‍යතුමා පෙන්වා දී ඇත්තේ. විවිධ මත දරණ පුද්ගල සමූහයක් සමග ඉතා ඉවසිලිවන්තව හා විමසිලිමත් අයුරින් එම කාර්යය ඉදිරියට ගෙනයා යුතු ඇති බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, 10 වැනි දින පැවති ශ්‍රී ලංකා-සිංගප්පූරු ව්‍යාපාරික හමුවකදී. මේ හමුව සිදුවූයේ, සිංගප්පූරුවේ ජැන් ටැංග්ලින් හෝටලයේදීය.

ප්‍රශ්නෝත්තර සාකච්ජා වටයක් ද එහි සංවිධාන කර තිබිණ. සිංගප්පූරු වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊශ්වරන් මහතා ද ඊට සහභාගී විය. ශ්‍රී ලකාව තුළ ව්‍යවසායකත්ව සංවර්ධනයට ඇති සැලසුම් මොනවාදැයි නැඟුණු ප්‍රශ්නයකට අග්‍රාමාත්‍යතුමා පිළිතුරු දෙමින් කියා සිටියේ, තරුණ ප්‍රජාව කේන්ද්‍ර කරගනිමින් රට තුළ ව්‍යවසායකත්වය පිළිබඳ සංස්කෘතියක් නිර්මාණය කරමින් පවතින බවයි.