Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

තායිලන්තයේ ගුහාව තුළ සිරවී සිට බේරාගත් දරුවන් පැවිදි දිවියට

තායිලන්තයේ ගුහාවක් තුළ සිරවී සිට බේරාගත් දරුවන් පිරිස තාවකාලික පැවිදි දිවියට ඇතුළත්ව තිබේ.

ඔවුන්ගේ ආධ්‍යාත්මය පිරිසිදු කිරීම සඳහා මෙය සිදුකර ඇති බව වාර්තා වෙයි. තායිලන්තයේ චියැන්රායි ප්‍රදේශයේ ගුහාවක් තුළ සිරවී සිටි බේරාගත් දරුවන් අතරින් 11 දෙනෙකු සාමණේර හිමිවරුන් වශයෙන් තාවකාලික පැවිදි දිවියට ඇතුළත්ව තිබේ.


එක් දරුවෙකු කිතුණු භක්තිකයෙකු වීම හේතුවෙන් ඔහු පැවිදි දිවියට ඇතුළත්ව නැහැ. ඒ අනුව මේ පිරිසට බෞද්ධ ආශ්‍රම කිහිපයක් තුළ දින 9ක කාලයක් ගත කිරීමට සිදුවෙයි. ඔවුන්ට මුහුණපෑමට සිදුවූ විපතින් අනතුරුව ආධ්‍යාත්මය පවිත්‍ර කිරීමේ අරමුණින් මේ පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි. බෞද්ධ පිරිමි දරුවන් මෙලෙස දින කිහිපයක කාලයක් සඳහා පැවිදි කරවීම තායිලන්තයේ පවතින එක් සම්ප්‍රදායක්. මෙම දරුවන් පිරිසගේ පුහුණුකරු තාවකාලික පැවිද්ද ලබා සිටි අයෙකු වන අතර ඔහුටද මෙහිදී භික්ෂූන් වහන්සේගේ යම් නියමයන් පිළිපැදීමට සිදුවනු ඇති.