Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 31, 2018

කාම්බෝජයේ පාලක පක්ෂය ආසන සියල්ල ජයගනී

මහ මැතිවරණයෙන් තම පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 125 ම ජයග්‍රහණය කර ඇතැයි කාම්බෝජයේ පාලක පක්ෂය වන “කාම්බෝජියානු ජනතා පක්ෂය (සී.පී.පී) පක්ෂය ප්‍රකාශ කරයි.

මෙම මහ මැතිවරණය ව්‍යාජයක් යැයි එරට විපක්ෂ කණ්ඩායම් සහ දේශපාලන විචාරකයෝ පවසති. “කාම්බෝජ ජනතා පක්ෂය ඡන්ද  වලින් සියයට 77.5ක් ජයගනිමින් පාර්ලිමේන්තුවේ සියලු ආසන දිනාගෙන තිබෙනවා” යැයි එම පක්ෂයේ ප්‍රකාශක සොක් ඊසෑන් 30 වැනි දින පැවැසීය. මෙවර මහ මැතිවරණයේදී එරට අගමැති හුන් සෙන්ට එරෙහිව සැලකිය යුතු ප්‍රතිවාදියෙක් ද ඉදිරිපත් වී නොසිටියේය.