Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 31, 2018

අඟහරු වසර 15කට පසුව අද පෘථිවියට ළං වෙයි

අඟහරු ග්‍රහයා අද (31) දිනය තුළ ඉතා පැහැදිලිව දැක ගැනීමේ අවස්ථාව උදාවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අඟහරු ග්‍රහයා මේ දිනවල පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන බවයි. අඟහරු ග්‍රහයා පෘථිවියට මෙතරම් සමීපයෙන් ගමන් කරන්නේ වසර 15කට පසුව බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.