Social Icons

facebookrss feedemailtwitter

Friday, July 27, 2018

අඟහරු මත ජලය සහිත විලක් ඇති බවට අනාවරණය වේ

අඟහරු ග්‍රහයාගේ දකුණු අර්ධයේ ජලය සහිත විලක් සොයාගැනීමට හැකිව තිබේ.

ඉතාලි අභ්‍යවකාශ ආයතනයක් නියෝජනය කරන පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම ජලය සහිත විල සොයා ගැනීමට සමත්විය. මීට අවස්ථා කිහිපයකට පෙර ද අඟහරු ග්‍රහයා මත ගලා බසින දිය දහරා ඇති බව අණාවරණය කර ගැණින. අඟහරු ග්‍රහයා මත ඇති දකුණු අර්ධයේ අයිස් තට්ටුවට යටින් මෙම විල පිහිටා ඇති බවට විශ්වාස කෙරේ.