Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

HIV වෛරසයට එරෙහි එන්නතක්

මාරාන්තික එච්අයිවී වෛරසයට එරෙහිව එන්නතක් සොයාගැනීමට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත්ව ඇත.

හාර්වඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ඩෑන් බාරෝච් ප්‍රමුඛ විද්‍යාඥයින් කණ්ඩායමක් මෙම එන්නත සොයා ගැනීමට සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. “ඉම්බොකොඩෝ” නමින් නම් කර ඇති මෙම එන්නත තවමත් පර්යේෂණ මට්ටමේ පවතින්නකි.

වඳුරන් යොදාගනිමින් සිදු කළ පරික්ෂණයකදී වඳුරන් තුනෙන් දෙකකට එච්අයිවී වෛරසය පරාජය කිරීමට හැකිවී තිබෙන බව සඳහන් වේ. එසේම එච්අයිවී ආසාදිත කාන්තාවන් 2600 කට ද එම එන්නත ලබා දී තිබේ. එහි ප්‍රතිඵල වසර 2021 දී දැක ගත හැකි බව විද්‍යාඥයින් පවසා ඇත. ලොව පුරා එච්අයිවී ආසාදිත රෝගීන් සංඛ්‍යාව මිලියන 37කි. එසේම සෑම වසරකම මිලියන 1.8ක පිරිසක් මෙම ලැයිස්තුවට අලුතින් රෝගීන් ලෙස එක්වේ. මෙම අධ්‍යයනය මෙහෙයවන විද්‍යාඥයන්ට අනුව මෙම වත්මන් පරීක්ෂාව වැදගත් සන්ධිස්ථානයක් බවට පත්වනු ඇතැයි විශ්වාස කෙරේ.