Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

ජපානයේ දැඩි උණුසුම නිසා ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

සෙන්ටිග්‍රේඩ් අංශක 40 ඉක්ම වූ දැඩි උණුසුමෙන් පුද්ගලයින් 65 කට වැඩි සංඛ්‍යාවක් මියයාමත් සමග ජපානයේ ස්වභාවික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.

ජපානය පුරා පුද්ගලයින් දෙදහසක් පමණ උණුසුම් වා දහරා වලට ගොදුරු වීම හේතුවෙන් රෝහල් ගත කෙරිණ. කුමගායා ප්‍රදේශයේ පසුගියදා වාර්තා වූ සෙන්ටිග්‍රේඩ් අංශක 41 යි දශම 1 ක උෂ්ණත්වය මෙතෙක් ජපානයෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ලෙස සැළකේ.

ටෝකියෝ අගනුවර උෂ්ණත්වය ප්‍රථම වරට සෙන්ටිග්‍රේඩ් අංශක 40 ඉක්මවා ඇත. ජපාන කාලගුණ විද්‍යා අංශ අනතුරු අගවා ඇත්තේ අංශක 35 ඉක්ම වූ උෂ්ණත්වයක් ලබන මස මුල තෙක් පවතිනු ඇති බවයි.