Social Icons

facebookrss feedemailtwitter

Monday, July 30, 2018

සරණාගත මව්පියන්ගෙන් වෙන් කළ ළමුන් 1800 ක් යළි  දෙමව්පියන්ට භාර දේ

සරණාගත මව්පියන්ගෙන් වෙන් කළ දරුවන් 1800 දෙනෙකු පමණ යළි ඔවුන්ගේ මව්පියන් වෙත බාරදී ඇති බව ට්‍ර්ම්ප් පරිපාලනය පවසයි.

නීති විරෝධි ලෙස අමෙරිකාවට ඇතුළු වුණු දෙමාපියන්ගෙන් දරුවන් වෙන්කර තැබීමට අමෙරිකානු බලධාරින් ගත් තීරණයට එරෙහිව එරට අධිකරණය නියෝග කළේ නැවත එම දරුවන් මව්පියන් වෙත භාරදිය යුතු බවයි. නමුත් තවත් දරුවන් 700 දෙනෙකුට වැඩි පිරිසක් දෙමාපියන් සමඟ යළි එක් කිරිමට සුදුසුකම් ලබා නොමැති බව එරට බලධාරින් පවසයි.


නියමිත ලේඛන නොමැතිව තවත් ළමුන් 2500කට වැඩි පිරිසක් වෙන්කොට තබා තිබේ. නීති විරෝධි සංක්රවමණ වැලැක්විමේ අරමුණින් අමෙරිකාවට ඇතුළු වන සරණාගත දෙමාපියන් සහ දරුවන් වෙන්කොට තැබිමට  අමෙරිකානු බලධාරින් පියවර ගෙන තිබිණි.