Social Icons

facebookrss feedemailtwitter

Monday, March 12, 2018

පියාගේ ඝාතකයින්ට සමාව - රාහුල් ගාන්ධි

සිය පියාගේ ඝාතකයන්ට නැගෙණිය විසින් සම්පූර්ණයෙන්ම සමාව දී ඇතැයි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධි සදහන් කරයි. “මගේ නැගෙණිය ප්‍රියංකා ගාන්ධි තාත්තාගේ ඝාතකයන්ට සම්පූර්ණයෙන්ම සමාව දීලා තියෙන්නේ. අපිත් දැන් ඔවුන්ට සම්පූර්ණයෙන්ම සමාව දීලා ඉන්නේ” යැයි පවසා ඇත්තේ, සිංගප්පූරුවේ දීය.


පියාගේ සහ මිත්තණියගේ ඝාතන තම පවුලට ගෙවන්නට සිදු වූ වන්දියක් යැයි ද හෙතෙම එහිදි ප්‍රකාශ කර තිබේ. රාහුල් ගාන්ධිගේ මෙම ප්‍රකාශය දැක්වෙන වීඩියෝ පටය කොංග්‍රස් පක්ෂයේ නිල ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඉන්දිරා ගාන්ධි ඝාතනයට ලක්වූයේ 1984 වසරේදීය. ඒ ඇගේ ආරක්ෂකයන් අතිනි. හිටපු අගමැති රජිව් ගාන්ධි ශ්‍රී ලාංකික දෙමළ කාන්තාවක් විසින් 1991 වසරේ දී චෙන්නායි නුවර දී එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බයකට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්විය. රජිව් ගාන්ධි ඝාතනය කිරීම සංවිධානය කළ ලොකුම වරද යැයි ඇන්ටන් බාලසිංහම් උපුටා දක්වමින් 2016 වසරේ ප්‍රකාශයට පත්වූ කෘතියක ද දැක්විණි.