Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 11, 2018

චීනය ගිවිසුම් කිහිපයකට අත්සන් කරයි

චීනය රටවල් හා ප්‍රදේශ 24ක් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් 16කට අත්සන් ඉදිරියේදී අත්සන් කෙරේ. චීන උප වාණිජ අමාත්‍ය, ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා උප නියෝජිත වං ශෞ වෙන් මහතා 11 වැනි දින බෙයිජිංහි පැවති 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරයේ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ ය.

චීනය නිදහස් වෙළඳ හවුල්කාරි රටවල් සමඟ වෙළඳ හා ආයෝජන සබඳතා, නිදහස් වෙළඳ හවුල්කාරි නොවන රටවල් සමඟ සබඳතාවලට වඩා සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේ ය. පසුගිය වසරේ චීනය සහ ආසියන් සංගමය අතර වෙළඳ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 500කට අධික බවද එම ප්‍රමාණය චීන - ආසියන් සංගම් නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු හය ගුණයකින් වැඩි වී ඇති බව ද වං ශෞ වෙන් මහතා කියා සිටියේ ය. චීනය බහුපාර්ශවික වෙළඳ සාකච්ඡාවලට අනුබල දෙන බව හෙතෙම අවරධාරණය කළේ ය.