Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 11, 2018

ශ්‍රී ලංකා හා ඉන්දියා රාජ්‍ය නායකයින් අතර සාකච්ඡා ඇරඹේ

ඉන්දියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විණ. මේ අතර ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුව නිල්වන් පවිත්‍ර මිහිතලයක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ප්‍රබල පිටුවහලක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉන්දියාවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපතිභවන්හි දී පැවැත්වුණු ජාත්‍යන්තර සූර්ය බලශක්ති සංවිධානයේ සමාරම්භක උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. සමුළුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ බලශක්ති අර්බුදය ලොව දියුණු රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද බලපා ඇති බවයි. ඊට පූර්ව සූදානමක් ලෙස “සූර්ය බල සංග්‍රාමය” නම් ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි.