අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා නවීකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් සහනදායී ණය පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වේ.
Tuesday, October 23, 2018
Tuesday, October 9, 2018
වර්ෂාව නිසා 48,918 ක් පීඩාවට පත්වේ
බොහෝ ප්‍රදේශවල පසුගිය දින කිහිපයෙහි පැවැති අධික වර්ෂාවත් ඇති වූ ආපදා හේතුවෙන් දිස්ත්‍රික් දොළහක පවුල 12,478ට අයත් පුද්ගලයන් 48,918 දෙනෙක් පීඩාවට පත්වී ඇති අතර පුද්ගලන් නවදෙනෙක් මියගොස් ඇත.
ඉන්ටර්පෝල් ප්‍රධානියා අතුරුදන්
චීනයේ සංචාරයකට ගිය ජාත්‍යන්තර පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් “ඉන්ටර්පෝල්” ආයතනයේ ප්‍රධානී මෙංග් හොංග්වේ අතුරුදන්ව ඇතැයි පැවැසෙයි.
සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් සොයාගත් නවතම සද
සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ප්‍රථම චන්ද්‍රයා සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත්වේ. ප්‍රමාණයෙන් නෙප්චූන් ග්‍රහයාට සමාන මෙය මෙතෙක් සෙයා ගනු ලැබූ විශාලතම චන්ද්‍රයා ලෙස සැළකේ.
රුසියාවේ අධි බලැති එස් - 300 ආරක්ක පද්ධතිය සිරියාවට
රුසියාව සතුව තිබූ අධි බලැති එස් - 300 ගුවන් ආරක්ෂක පද්ධතිය, සිරියාවට ලබා දී ඇත. සිරියාවේ සිටින රුසියානු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම එහි අරමුණ බවයි, රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.
නාසා ආයතනයට වසර 60 යි
මානව ඉතිහාසයේ විද්‍යාව හා තාක්‍ෂණය දැවැන්ත පරිවර්තනයකට ලක් කිරීමට කටයුතු කළ නාසා ආයතනය සිය 60 වන සංවත්සරය සැමරීය. ජාතික අවකාශ තරණ හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය හෙවත් නාසා ආයතනය ආරම්භ වන්නේ 1958 වසරේ ඔක්තෝබර් 1 වැනි දිනය.
2018 වසරේ නොබෙල් ත්‍යාගයේ හිමිකරුවන්
2018 සාම ත්‍යාගය ඩෙනිස් මුක්වේගයා හා නාඩියා මුරාඩ්ට හිමි විය. ඒ නිසා පසුගිය සතියේ වැඩි අවධානයක් යොමු වූයේ නෝර්වේ හි ඔස්ලෝ නුවර සිදු වූ මෙම ක්‍රියාව පිළිබදවයි.
Sunday, October 7, 2018
ග්‍රීන් කාර්ඩ් සීමා කිරීමට ඇමරිකාව කටයුතු කරයි
නීත්‍යානූකූල ක්‍රමවේදයන් හරහා අමෙරිකාවේ ස්ථීර පදිංචිය ලබාදෙන විදේශිකයින් සීමා කිරිමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කෙරේ.
ජපානයට තුන් වැනි සුළි කුණාටුවක්
මසක් ඇතුළත තුන්වන සුළි කුණාටුවට මුහුණදීමට ජපාන වැසියන්ට සිදුව ඇත. කොං - රේ ලෙස නම් කර ඇති නවතම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 185 ක වේගයෙන් ඉදිරි දිනයේදී ඔකිනාවා ප්‍රදේශය හරහා ජපානය වෙත කඩා වැදීමට නියමිත බවයි එරට කාලගුණ අංශ ප්‍රකාශ කර සිටී.
පොදු හඬක අවශ්‍යතාව Jean Juncker මතු කරයි
විදේශීය ප්‍රතිපත්ති තුළින් පොදු හඬක් නගන ලෙස යුරෝපා සංගම් සභාපති Jean - Claude Juncker මහතා එම සංගමයේ සාමාජික රට වලින් ඉල්ලා සිටී. හෙතෙම ඊයේ (5) ඔස්ට්‍රියානු පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවේදී මේ බව සඳහන් කළේය.
වසර 7 ක් තුළ සෙල්ෆි මරණ 259 ක්
වසර 7ක කාලසීමාවක් තුළ සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී සිදුවූ අනතුරු වලින් ලොව පුරා පුද්ගලයින් 259 දෙනෙකු මියගොස් ඇත. ඉන්159 දෙනෙකුම ඉන්දියානුවන්ය. මෙම කරුණු අනාවරණ වී ඇත්තේ ඉන්දියාවේ ආයතනයක් විසින් සිදුකළ සමීක්ෂණයකදිය.
දිවයිනට සංචාරක පැමිණීම ඉහළට
මේ වසරේ අගොස්තු මාසය දක්වා විදේශ සංචාරකයින් ලක්ෂ 16කට ආසන්න පිරිසක් මෙරට සංචාරය සඳහා පැමිණ ඇති බව සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසිය.
රත්නපුර ස්ථාන 07ක් නායයාමේ අවධානමක
අධික වාර්ෂාව හේතුවෙන් රත්නපුර ස්ථාන 07ක් නායයාමේ අවධානමක පවතින බව වාර්තාවේ. ඒ අනුව අයගම, කලවාන, බලංගොඩ, ඉඹුල්පේ ඇතුළු ස්ථාන 07කට නායයාමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත්කර ඇති බව ද සදහන්.
සුලාවෙසි දුපතේ ගිනි කන්දක් සක්‍රීය වෙයි
ඉන්දූනීසියාවේ නැගෙනහිර සුලාවෙසි දුපතේ පිහිටි සොපුටාන් ගිනි කන්ද සක්‍රීය වී ඇත. මේ හේතුවෙන් මීටර් 6000 ක් අහස උසට දුම පිටවන බව පැවසේ. සුලාවෙසි දූපතට පසුගිය සිකුරාදා (28) රික්ටර් මාපකාංක 7.5 ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හටගත් අතර ඉන් පසු එම දූපතට දරුණු සුනාමි රළ පෙළක් ද කඩා වැදුණේය.
ජාත්‍යන්තර අධිකරණයෙන් ඇමෙරිකාවට නියෝගයක්
පසුගිය වසරේ ඉරානයට එරෙහිව පනවන ලද සම්බාධක ලිහිල් කරන ලෙසට ජාත්‍යන්තර අධිකරණය ඇමරිකාවට නියෝග කර තිබේ. ආහාර සහ ඖෂධ වැනි මානුෂීය ද්‍රව්‍ය ඉරානයට අපනයනය කිරීමට ඉඩ දෙන ලෙස එහිදී සඳහන් කර ඇත.
කොරියානු අර්ධද්වීපය සාමය සොයා ගමන අරඹයි
උතුරු කොරියාව සහ දකුණු කොරියාව දෙරටේ දේශ සීමාව අසළ තිබෙන බිම් බෝම්බ ඉවත් කිරීම ආරම්භ කර ඇත. දේශ සීමාව දෙපස බිම් බෝම්බ ලක්ෂ අටක් පමණ වලදමා ඇති බව පැවසේ. මූලික වශයෙන් දකුණු කොරියාව දෙරටේ සාම ගම්මානය වන පැන්මුන්ජොම් ගම්මානය ආසන්නයේ බිම් බෝම්බ ඉවත් කිරීම පසුගියදා ඇරඹිණ.
කටුනායක ගුවන්තොටුපළේ අතුරු පර්යන්තය ඉදිකිරීම චීනයට පවරයි
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ දැනට පවතින ධාරිතාවය මගීන් මිලියන 15ක් සඳහා පහසුකම් සැලසීමට හැකිවන පරිදි වැඩිදියුණු කිරීමට ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේ.
Saturday, October 6, 2018
මත්පැන් භාවිතය නිසා ලංකාවේ වසරකට 23,000ක් අහිමිවේ
ශ්‍රී ලංකාව තුළ මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට 23,000 කට ආසන්න සංඛ්‍යාවක් මියයි. මේ අතර මත්පැන් සඳහා දිනකට රුපියල් මිලියන 247ක් හා බියර් සඳහා දිනකට රුපියල් මිලියන 58 ක් ද වියදම් කරන බව මද්‍යසාර සමාගම් නිකුත් කළ වාර්තාවල දැක්වේ.
Thursday, October 4, 2018
2024 යුරෝපා පාපන්දු කුසලානයේ සත්කාරකත්වය ජර්මනියට
2024 වසරේ යුරෝපා පාපන්දු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ජර්මනියට හිමිව ඇත. ඒ යුරෝපා පාපන්දු සම්මේලනයේ විධායක සභාව තුළ පැවැති ඡන්ද විමසීමකින් අනතුරුවයි.
ලබන වසරේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,376 ක් වේ
2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,376 ක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
කොළඹ – කටුනායක අධිවේගයේ පිවිසුමක් 4 වැනිදා සිට තාවකාලිකව වැසේ
නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා පෑලියගොඩ වටරවුම අසලින් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම සඳහා භාවිත කරන පිවිසුම් මාර්ගය 04 සිට 20 වැනි දින දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.
ඉදිරියේදී ඉරානයට තේ අපනයනය ඇණ හිටී…..විසඳුම් සොයන්න උපදෙස්
අමෙරිකා එක්සත් ජනපදය පනවා තිබෙන සම්බාදක ක්‍රියාත්මක විමත් සමඟම ඉරානයට තේ අපනයන කිරීමට නොහැකි වීමෙන් උද්ගත වන ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් සෙවීම සඳහා අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දේ.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල හෙට (05)
2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තොම්බර් මස 05 වැනි දින නිකුත් කරන බව විභාග දෙපාර්තුමේන්තුව සදහන් කරයි.
Wednesday, October 3, 2018
ඉන්දුනීසියාවට තවත් භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ දකුණු දිග ප්‍රදේශයේ පිහිටි ෆ්ලෝස් දූපතේ රිච්ටර් පරිමාන ඒකක 6.2ක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාලදිවයින් හිටපු ජනපති ඇප මත නිදහස්
මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම් ඇප මත නිදහස් කර තිබේ. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පෙබරවාරි මාසයේ දී ය.
සෞදි අරාබිය සමග තෙල් මිල පාලනයට ට්‍රම්ප් මැදිහත් වේ
ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 80 දක්වා ඉහළ යාමත් සමඟ මිල පහත හෙළීමට නිෂ්පාදනය කප්පාදු කරන ලෙස ඇමරිකාව නැවතත් ඉල්ලීමක් කර ඇත.
EPF - ETF මුදල් ආයෝජනය කිරීමට අමාත්‍යංශයේ අවධානය
සේවක අර්ථ සාධක අරමුදල සේවා නියුක්තිකයන්ගේ භාර කාර අරමුදල වැඩි කර ගැනිමට එම මුදල් ප්‍රතිලාභින් වෙනුවෙන් අයෝජනය කිරිම කෙරෙහි තම ආමාත්‍යංශයේ අවදානය යොමු වි ඇති බව කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍යය රවින්ද්‍ර සමරවික්‍රම මහතා පවසයි.
මන්ත්‍රී වාහන ගෙන්වීම වසරකට තහනම්
රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබා දීම වසරක කාලයක් සඳහා අත්හිටුවා ඇත.
ඇමරිකාවත් කැනඩාවත් අතර ඩොලර් ට්‍රිලියනයක නව වෙළඳ ගිවිසුමක්
ඇමරිකාව සහ කැනඩාව නව වෙළඳ ගිවිසුමකට එළඹ තිබේ. උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම ලෙස නම් කර ඇති එය සඳහා අවසන් මොහොතේ එකඟතාවයකට පැමිණිමට හැකි වී ඇති බව ද වාර්තා වේ.
ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් පාසල්වල ඉදි කරනවා - අගමැති
සියලු පහසුකම් සහිත ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් රට පුරා පාසල් 500ක් තෝරාගෙන ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දිවයිනේ සෑම පාසලකටම දුර්ලභ පලතුරු උද්‍යාන
දිවයිනේ සෑම පාසලක්ම, විහාරස්ථාන හා ආගමික සිද්ධස්ථාන ආශ්‍රීතව දුර්ලභ පලතුරු උද්‍යාන පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කරයි.
වෛද්‍ය විද්‍යාවට පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකාවට හා ජපානයට
මේ වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ඇමෙරිකා සහ ජපාන මහාචාර්යවරු දෙදෙනෙකු සමත්වේ.
තුන් ඉරියව්වෙන්ම ලෝකයේ දක්ෂයා රෂීඩ් ඛාන්
ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් වලට අනුව එහි තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමි කර ගැනීමට ඇෆ්ඝනිස්ථානයේ රෂීඩ් ඛාන් සමත්ව ඇත.
තවත් පළාත් සභා තුනක නිල කාලය අවසන් වීමට නියමියි
වයඹ, මධ්‍යම සහ උතුරු යන පළාත් සභා තුනෙහි නිල කාලය අවසන් වීමට නියමිත බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300 ක්
නව කැලණි පාලම හා ගෝල්ෆේස් අතර ඉදි වන කිලෝමීටර 5.3 ක දිගින් සමන්විත මාර්ගය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කරයි.
ග්‍රාමීය සංවර්ධනයට රුපියල් කෝටි 6450 ක්
ග්‍රාමීය සංවර්ධනය සදහා රජය රුපියල් කෝටි 6450 කට අධික මුදලක් ලබා දී ඇතැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යාංශය පවසයි.
Tuesday, October 2, 2018
ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මිය ගිය ගණන 900 දක්වා ඉහළට
ඉන්දුනීසියාවේ සුලවේසි දූපතට බලපෑ ප්‍රබල භූ කම්පනය හා සුනාමි තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 900ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සුකීගේ සම්මානනීය පුරවැසිභාවය අහෝසි කරයි
කැනඩා රජය, මියන්මාර නායිකා අවුන් සාන් සුකීට ලබා දී තිබූ සම්මානනීය පුරවැසිභාවය අහෝසි කිරීමට සූදානම් වේ.
නියඟයෙන් පීඩිතයන්ට වගා ජලය දෙන්න මිලියන 120ක්
නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවල වගාවන්ට අවශ්‍ය ජලය ලබාදීමට රුපියල් මිලියන 120ක මුදලක් වැය කර මේ වසර තුළ කෘෂි ළිං 100ක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කරයි.
සිරියානු යුද්ධය අවසන් වීමට ආසන්නයි
ත්‍රස්වාදයට එරෙහි සටන් අවසන් වීමට නියමිත බව, සිරියානු නියෝජ්‍ය අගමැතිවරයා මෙන්ම එරට විදේශ ඇමැතිවරයා ලෙස ද කටයුතු කරන වලීද් අල් මෝලියම් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් කියා සිටියේය.
පලස්තීනය ඇමෙරිකාවට නඩු පවරයි
ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසිලමට මාරු කරමින්, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවට නිල වශයෙන් පිළිගැනීමට ඇමෙරිකාව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව පලස්තීනය නඩු පවරා ඇත.
රජය ආනයන සම්බන්ධයෙන් සීමා පනවයි
ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවන පීඩනය පාලනය කරගැනීම සඳහා ආනයන සම්බන්ධයෙන් සීමා පැනවීමට රජය තීරණය කරයි.
මාලදිවයිනේ නව ජනාධිපතිවරයා දිවුරුම්දිම ලබන 17 වැනිදා
මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි නොවැම්බර් 17 වැනි දින ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.
වතුර බෝතල්වලට පාලන මිලක්
සියලුම පානීය ජල බෝතල් අලෙවිය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.
Subscribe to:
Posts (Atom)