Social Icons

facebookrss feedemailtwitter

Sunday, October 7, 2018

වසර 7 ක් තුළ සෙල්ෆි මරණ 259 ක්

වසර 7ක කාලසීමාවක් තුළ සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී සිදුවූ අනතුරු වලින් ලොව පුරා පුද්ගලයින් 259 දෙනෙකු මියගොස් ඇත. ඉන්159 දෙනෙකුම ඉන්දියානුවන්ය. මෙම කරුණු අනාවරණ වී ඇත්තේ ඉන්දියාවේ ආයතනයක් විසින් සිදුකළ සමීක්ෂණයකදිය.


සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් දියේ ගිලීම්, ඇදවැටීම් සහ දුම්රියේ ගැටීම් හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත. මෙලෙස සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී මියගිය පිරිසෙන් සියයට 72ක්ම වයස අවුරුදු 30 ට අඩු තරුණයන් වේ.