Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 23, 2018

අධ්‍යාපනය නැංවීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා නවීකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් සහනදායී ණය පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වේ.


වසර 2018 - 2024 කාලසීමාව තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ මූලික අරමුණි‍න් ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි. ඒ යටතේ විෂයමාලා නවීකරණය හා විවිධාංගීකරණය, ගුරු සංවර්ධනය, පාසල් පද්ධතියේ ගුණාත්මකභාවය තක්සේරුකරණය, ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.