Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 2, 2018

පලස්තීනය ඇමෙරිකාවට නඩු පවරයි

ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසිලමට මාරු කරමින්, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවට නිල වශයෙන් පිළිගැනීමට ඇමෙරිකාව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව පලස්තීනය නඩු පවරා ඇත.

පලස්තීන පාලන අධිකාරිය ඇමෙරිකාවට නඩු පවරා ඇත්තේ අන්තර් ජාතික අපරාධ අධිකරණය හමුවේය. ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කිරීම සිදුවූයේ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේය. ඇමෙරිකාව එසේ කිරීම හරහා 1961 වසරේ වියානා සම්මුතිය උල්ලංගනය කිරීමට සිදු කළේ යැයි පලස්තීන පාලන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් ජාත්‍යන්තර අධිකරණයට කරුණු දක්වා තිබේ.