Social Icons

facebookrss feedemailtwitter

Sunday, October 7, 2018

කොරියානු අර්ධද්වීපය සාමය සොයා ගමන අරඹයි

උතුරු කොරියාව සහ දකුණු කොරියාව දෙරටේ දේශ සීමාව අසළ තිබෙන බිම් බෝම්බ ඉවත් කිරීම ආරම්භ කර ඇත. දේශ සීමාව දෙපස බිම් බෝම්බ ලක්ෂ අටක් පමණ වලදමා ඇති බව පැවසේ. මූලික වශයෙන් දකුණු කොරියාව දෙරටේ සාම ගම්මානය වන පැන්මුන්ජොම් ගම්මානය ආසන්නයේ බිම් බෝම්බ ඉවත් කිරීම පසුගියදා ඇරඹිණ.

එම ප්‍රදේශවල හමුදා මුර පළවල් ඉවත් කිරීම සදහාද අවධානය යොමු වී තිබේ. උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර දේශ සීමාව කිලෝමීටර් 250ක දුරින් යුතුවේ. ඒ දෙපස කිලෝමීටර් හතරක යුද මුක්ත කලාපයක් දක්නට ලැබේ. මෙම දේශසීමාව ලොව වැඩිම ආරක්ෂාවක් යොදා තිබෙන සහ හමුදාමය අතින් ලොව සන්නද්ධ දේශසීමාව ලෙස සැළකේ.

මේ අතර, උතුරු  - දකුණු කොරියානු අර්ධද්වීපයේ යුද ගැටුම් මුළුමනින්ම අවසන් කර සාමකාමී රාජ්‍යයක් ගොඩණැගීම වෙනුවෙන් විශේෂ ප්‍රකාශනයක් නිකුත් කෙරේ. ඒ “2007 අන්තර් කොරියානු සමුළුවේ”දීය.




න්‍යෂ්ටික තර්ජන නොමැති සාමකාමී රටක් බවට කොරියානු අර්ධද්වීපය පත් කළ යුතු බව එහි මූලික අරමුණය. දෙරටේ නායකයින් පසුගියදා හමුවී ක්‍රියාත්මක කළ පැන්මුන්ජේ ඓතිහාසික ප්‍රකාශනය අනුව ක්‍රියා කිරීමේ වැදගත්කම ද එහිදී යළිත් අවධාරණය කෙරිණ.