Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 2, 2018

රජය ආනයන සම්බන්ධයෙන් සීමා පනවයි

ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවන පීඩනය පාලනය කරගැනීම සඳහා ආනයන සම්බන්ධයෙන් සීමා පැනවීමට රජය තීරණය කරයි.

29 වෙනිදා මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි තවත් ක්‍රියාමාර්ග කිහිපයක්ද අනුගමනය කෙරේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් නිකුත් කිරීම වසරක කාලයක් සඳහා අත්හිටුවා ඇත. රජයේ අමාත්‍යවරුන්, දෙපාර්තමේන්තුවලට, සංස්ථාපිත මණ්ඩලය වලට මෙන්ම රාජ්‍ය ව්‍යවසායක වෙනුවෙන් වාහන ආනයනය කිරීමද නැවත දන්වන තුරු  නතර කර ඇත.

සහනදායී පදනමක් මත වාහන ආනයනය කිරීමට රාජ්‍ය සේවයකයන් සඳහා නිකුත් කරන ලද බලපත් මාස 6 ක කාලයක් සඳහා අත්හිටුවා තිබේ. ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම සහ ස්ථාවර දුරකතන, රෙදි සෝදන යන්ත්‍ර, පාවහන් සහ වාහන ටයර් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී 100 ක මූල්‍ය සීමාවක් පනවා ඇත. නිමය අනුපාත සම්බන්ධයෙන් රජය දැඩි විමසිල්ලෙන් සිටින අතරම ඉතා ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.