Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 9, 2018

2018 වසරේ නොබෙල් ත්‍යාගයේ හිමිකරුවන්

2018 සාම ත්‍යාගය ඩෙනිස් මුක්වේගයා හා නාඩියා මුරාඩ්ට හිමි විය. ඒ නිසා පසුගිය සතියේ වැඩි අවධානයක් යොමු වූයේ නෝර්වේ හි ඔස්ලෝ නුවර සිදු වූ මෙම ක්‍රියාව පිළිබදවයි.



සාම ත්‍යාගය මෙවර හිමිවූ කර ගත් නාඩියා මුරාඩ් යුද්ධයේ දී සිදුවන ස්ත්‍රී දූෂණ හා ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටි කාන්තාවකි. කොන්ගෝ ජාතික වෛද්‍ය ඩෙනිස් මෙලෙස 30,000 අධික පිරිසකට ප්‍රතිකාර සිදුකර තිබේ. වසර 14 ක් ඔහු එලෙස පීඩනයට පත් කාන්තාවන් සඳහා ප්‍රතිකාර සිදු කර ඇත. නාඩියා උතුරු ඉරාකයේ යසිඩි කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින දක්ෂ සමාජශීලී චරිතයකි. ඇය 2014 දී අයි.එස් අන්තවාදීන් විසින් පැහැර ගැණුනු අතර, මාස 3ක් ලිංගික වහලියක් ලෙස යොදා ගැණින. මෙහි සුවිශේෂීම සිදුවීම නම් සාම ත්‍යාගය දිනාගත් නාඩියා වයස අවුරුදු 26ක් වන ලොව දෙවන ලාබාලතම සාම ත්‍යාග ලාභිනිය වීමය.



මෙවර රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට හිමිවිය. එන්සයිම සම්බන්ධව පර්යේෂණය සිදුකළ විද්‍යාඥයින් තිදෙනකු ඊට සුදුසුකම් ලැබීය.



ඇමරිකානු ජාතික ෆ්‍රාන්ස් ආර්නෝල්ඩ්, ජෝර්ජ් ස්මිත් සහ බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජි වින්ටර් ඔවුන් තිදෙනායි. මොවුන් කේම්බ්‍රිජ් සරසවියේ විද්‍යාඥයින් ලෙස කටයුතු ක්‍රියා කරයි. වෙනස් තාක්ෂණයක් ඔස්සේ නව ප්‍රෝටීන නිපදවීම සම්මානයට පාත්‍රවීමට හේතුවිය. නව එන්සයිම සෛල වල රසායනික ප්‍රතික්‍රියා වේගවත් කරන ජෛවීය උත්තේජකයක් ලෙස ක්‍රියා කිරීමට සමත් වේ. ෆ්‍රාන්ස් ආර්නෝල්ඩ් රසායන විද්‍යා ක්ෂේත්‍රය වෙනුවෙන් නොබෙල් සම්මානය දිනාගන්නා පස්වැනි කාන්තාව ද වේ. ඇයට සම්මානයට හිමි මුදලින් භායක් හිමිවන අතර ස්මිත් සහ වින්ටර් අතර ඉතිරි භාගය සම සමව බෙදීයයි.

වසර 55 කට පසු භෞතික විද්‍යාව වෙනුවෙන් පිදෙන නොබෙල් ත්‍යාගය කාන්තාවකට හිමිවිය. භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමි වී ඇත්තේ කැනඩා ජාතික විද්‍යාඥවරියක වන ඩෝනා ස්ටික්ලන්ඞ්ටය.



භෞතික විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය හිමිවුණු තෙවැනි කාන්තාව වන්නේ ද මැයයි. මීට පෙර නොබෙල් භෞතික විද්‍යා ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ මාරී කියුරි සහ මරියා ගෝපර්ට් මේයර්ය. මාරි කියුරිට නොබෙල් ත්‍යාගය හිමිවූයේ 1903 දී වන අතර මරියා ගෝපර්ට් මේයර් ට නොබෙල් ත්‍යාගය හිමිවූටේ 1963 වසරේදීය.



මෙවර 2018 වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය, විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී ගියේය. ආචාර්ය ඩෝනා ස්ටික්ලන්ඞ්ට ඉන් එක් අයකු පමණි.



අනෙක් දෙදෙනා ඇමෙරිකා විද්‍යාඥ ආතර් ඈෂ්කිං සහ ප්‍රංශ විද්‍යාඥ ජෙරාද් මොව්රෝ ය. මෙවර භෞතික විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය මොවුන්ට හිමිවන්නේ පිළිකා මර්දනයට මෙන්ම අක්ෂි සැත්කම් සඳහා ද යොදා ගන්නා නව ලේසර් තාක්ෂණයක් හඳුන්වාදීම වෙනුවෙනි.