Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 9, 2018

සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් සොයාගත් නවතම සද

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ප්‍රථම චන්ද්‍රයා සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත්වේ. ප්‍රමාණයෙන් නෙප්චූන් ග්‍රහයාට සමාන මෙය මෙතෙක් සෙයා ගනු ලැබූ විශාලතම චන්ද්‍රයා ලෙස සැළකේ.

පෘථිවියට ආලෝක වර්ෂ 8,000ක් දුරින් පිහිටි යෝධ ග්‍රහාලෝකය වටා මෙම චන්ද්‍රයා කක්ෂගත වනබව අනාවරණය වී ඇත. එය හඳුන්වන්නේ එක්ස් “ඕ මූන්” යනුවෙනි. කෙප්ලර් අභ්‍යවකාශ යානා දුරේක්ෂය මගින් හඳුනාගත්, ග්‍රහලෝක 300ක පමණ දත්ත ඇසුරෙන් මෙම නවතම සෙයා ගැනීම සිදුකළ බව තාරකා විද්‍යාඥයින් සදහන් කරයි.