Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 2, 2018

සිරියානු යුද්ධය අවසන් වීමට ආසන්නයි

ත්‍රස්වාදයට එරෙහි සටන් අවසන් වීමට නියමිත බව, සිරියානු නියෝජ්‍ය අගමැතිවරයා මෙන්ම එරට විදේශ ඇමැතිවරයා ලෙස ද කටයුතු කරන වලීද් අල් මෝලියම් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් කියා සිටියේය.
වසර 7 ක සිවිල් යුද්ධය අවසන් වෙමින් පවතින බව විදේශ ඇමැතිවරයා ලෝක නායකයන් හමුවේ පවසද්දී, මහා හඬින් අත්පොළසන් නාදයක් ඊට හිමිවිය. මේ වනවිට ඉස්ලාමීය ත්‍රස්තවාදින්ගේ සහ සන්නද්ධ විපක්ෂ ක්‍රියාකාරීන්ගේ ග්‍රහණයේ පවතින්නේ සිරියාවේ ඉඞ්ලිබ් පළාත පමණි.