Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 9, 2018

නාසා ආයතනයට වසර 60 යි

මානව ඉතිහාසයේ විද්‍යාව හා තාක්‍ෂණය දැවැන්ත පරිවර්තනයකට ලක් කිරීමට කටයුතු කළ නාසා ආයතනය සිය 60 වන සංවත්සරය සැමරීය. ජාතික අවකාශ තරණ හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය හෙවත් නාසා ආයතනය ආරම්භ වන්නේ 1958 වසරේ ඔක්තෝබර් 1 වැනි දිනය.

නාසා ආයතනය ආරම්භ කර දශකයකට පසු ප්‍රථම වරට සඳ මතට ගගනගාමියෙකු පිටත් කළේය. එම ආයතනය ගෙවී ගිය වසර 60 ක කාලය තුළ අභ්‍යවකාශ මෙහෙයුම් දහසකට අධික සංඛ්‍යාවක් හා ගගනගාමීන් 200 දෙනෙකුට වැඩි පිරිසක් අභ්‍යවකාශ ගත කරමින් මෙහෙයුම් රැසක් සිදු කර තිබේ. නාසා ආයතනයේ මේ වන විට දාහත්දහසකට අධික සේවක පිරිසක් සේවයේ නිරතව සිටී. 2400කට අධික විද්‍යාඥයින් පිරිසක් ද වේ.

නාසා ආයතනයේ සේවය කරන විද්‍යාඥයින් අතරින් 263 දෙනෙකුම ශ්‍රී ලාංකිකයින් වීම අපට විශේෂත්වයකි. නාසා ආයතනය 2020 වසරේදී අඟහරු ගවේෂණ යානාවක් අභ්‍යවකාශ ගත කිරීමට මේ වන විටත් සැලසුම් කර තිබේ. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ ටෙලෙස්කෝපය ද නාසා ආයතනය අනාගතය වෙනුවෙන් නිර්මාණය කර ඇති විශිෂ්ට තාක්‍ෂණික මෙවලමකි. විශ්වයේ බොහෝ අපැහැදිලි තැන් එමගින් හෙළිකර ගැනීමට හැකිවන බව විද්‍යාඥයින් පවසයි. මේ වසරේ අප්‍රේල් මාසයේදී අභ්‍යවකාශගත කෙරුණු ටෙස් නමැති චන්ද්‍රිකාව මගින් සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි තරු ලක්‍ෂ 2 ක් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට අපේක්‍ෂා කෙරෙනවා. 2020 දශකයේදී බ්‍රහස්පති ග්‍රහයාගේ තොරතුරු සෙවීමට ද තවත් අභ්‍යවකාශ යානයක් උඩුගුවනට යවනු ඇති.