Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 2, 2018

ලෝක වැඩිහිටි දිනයේ පසුවදන

ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහල යමින් පවතී.
වර්ෂ 1964 දී සියයට 5.4%ක් වූ වයස අවුරුදු 60ට වැඩි අයගේ ප්‍රතිශතය 2001 දී 9.2%ටත් 2012 දී 12.5%ටත් වැඩි වූ අතර 2050 වනවිට සියයට 30% දක්වා වැඩි වන බවට පුරෝකතනය කර ඇත. දැනට ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් මිලියන 2.5ක් පමණ ඇත. වර්ෂ 2041 වනවිට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 25%ක් අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් වනු ඇති. ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහළ යාමත් සමග බෝ නොවන රෝගවල ඉහළ යෑමක් පෙන්නුම් කෙරේ.