Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 2, 2018

ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මිය ගිය ගණන 900 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතට බලපෑ ප්‍රබල භූ කම්පනය හා සුනාමි තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 900ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දුනීසියානු උප ජනාධිපතිවරයා පවසන්නේ මෙම සංඛ්‍යාව දහසක් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවයි. ආපදා සහන සේවා කණ්ඩායම් පවසන්නේ කම්පනයෙන් ආපදාවට පත්වූ ප්‍රදේශය පෙර ගණනය කිරීම් වලට වඩා බොහෝ සෙයින් වැඩි බවයි. පාලු නගරයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සිරවී සිටි 24 දෙනෙකු බේරා ගත් බවද එහි සුනබුන් වලට යටවී තවත් බොහෝ පිරිස් සිරවී ඇති බවට සැකකරන බවද බලධාරීහු පවසති. රතු කුරුස සංවිධානය පවසන්නේ මිලියන 1.6කට වැඩි පිරිසක් ආපදාවට පත්වී ඇති බවයි.