Social Icons

facebookrss feedemailtwitter

Sunday, October 7, 2018

රත්නපුර ස්ථාන 07ක් නායයාමේ අවධානමක

අධික වාර්ෂාව හේතුවෙන් රත්නපුර ස්ථාන 07ක් නායයාමේ අවධානමක පවතින බව වාර්තාවේ. ඒ අනුව අයගම, කලවාන, බලංගොඩ, ඉඹුල්පේ ඇතුළු ස්ථාන 07කට නායයාමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත්කර ඇති බව ද සදහන්.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කර තිබේ. මෙහිදී තත්පරයට ඝන අඩි 200කින් යුත් ජල ධාරිතාවක් පිටවන බව ද සදහන්. ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමඟ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහල ගොස් ඇති නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස විදුලි බලාගාර ඉන්ජිනේරුවන් ඉල්ලා සිටියි.

මේ අතර ඇදහැළෙන අධික වර්ෂාවත් සමග බදුල්ල, පස්සර, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද නායයාමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.