Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 2, 2018

නියඟයෙන් පීඩිතයන්ට වගා ජලය දෙන්න මිලියන 120ක්

නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවල වගාවන්ට අවශ්‍ය ජලය ලබාදීමට රුපියල් මිලියන 120ක මුදලක් වැය කර මේ වසර තුළ කෘෂි ළිං 100ක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කරයි.
ජල හිඟය නිසා තම වගාවන් කරගත නොහැකිව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාව මහත් අපහසුතාවන්ට මුහුණ දී සිටින බැවින් ඔවුන්ගේ වගාවන්ට අවශ්‍ය ජලය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය මේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව දැනට නියඟය බලපා තිබෙන අනුරාධපුරය, මන්නාරම, පොළොන්නරුව, වවුනියාව, කිළිනොච්චිය, මුලතිවු, යාපනය, හම්බන්තොට, මොනරාගල, අම්පාර වැනි දිස්ත්‍රික්කවල වෙසෙන ගොවීන් සඳහා කෘෂි ළිං සැකසීමේ ව්‍යාපෘතියක් ඇරැඹිය යුතු බවට තීරණය කරනු ලැබීය. ඉදිරි වසර කිහිපය තුළත් වසරකට කෘෂි ළිං 100 බැඟින් සකස් කෙරේ. එමඟින් ගොවීන්ට වගාව සඳහා අවශ්‍ය ජලය මෙන්ම පානීය ජලය ද ලබා ගත හැකි අයුරින් මේ කෘෂි ළිං සකස් කරන ලෙස ඇමැතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.