Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 2, 2018

වතුර බෝතල්වලට පාලන මිලක්

සියලුම පානීය ජල බෝතල් අලෙවිය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

ඒ අනුව මිලිලීටර 350 - 499 ක් අතර ජල බෝතලයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ලෙස සටහන් වන්නේ රුපියල් 26 ක් වශයෙනි. මිලිලීටර 500 - 749 ත් අතර ජල බෝතලයක් රුපියල් 35කි. ලීටර 1 ක ජල බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 50 වන අතර ලීටර් 5 ක ජල බෝතලයක මිල රුපියල් 150 ක් වේ. මෙම මිල ගණන් ඉකුත් 28 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත. ඒ අනුව සියලු පානීය ජල බෝතල් අලෙවිකරුවන්, නිෂ්පාදකයින් හා බෙදා හරින්නන්  මෙම මිල ගණන් අනුව කටයුතු කළ යුතු බව පාරිභෝගික අධිකාරිය පවසයි.