Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 2, 2018

දුම්රිය ගාස්තු රැපියල් 15 කින් ඉහළට

දුම්රිය ගාස්තු සියයට 15 කින් ඉහළ යන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

වසර 08 කට පසුව කෙරෙන මෙම ගාස්තු ඉහළ දැමීම 2018 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. නව ගාස්තු සංශෝධනයේදී අවම දුම්රිය ගාස්තුවේ වෙනසක් නොවන අතර ඒ අනුව තුන්වැනි පන්තියේ අවම ගාස්තුව වූ රුපියල් 10 සහ දෙවැනි පන්තියේ අවම ගාස්තුව වූ රුපියල් 20 සහ පළමු පන්තියේ අවම ගාස්තුව වූ රුපියල් 40 යන ටිකට්පත් ගාස්තුවල මිල වැඩි නොවේ.

එනමුත් අවම ගාස්තුව යටතේ ගමන් කළ හැකිව තිබූ කිලෝමීටර් ප්‍රමාණය මෙහිදී අඩු කර ඇති අතර ඒ අනුව තුන්වැනි පන්තියේ කිලෝමීටර් 10 ක් සඳහා අය කළ අවම ගාස්තුව, කිලෝමීටර් 7ක් දක්වා අඩු කර ඇත. නව ගාස්තු වැඩිවීමට සාපේක්ෂව දුම්රියවාර ප්‍රවේශපත්‍ර ගාස්තු වලද මිල වැඩිවීම් සිදු කෙරේ.