Social Icons

facebookrss feedemailtwitter

Sunday, October 7, 2018

කටුනායක ගුවන්තොටුපළේ අතුරු පර්යන්තය ඉදිකිරීම චීනයට පවරයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ දැනට පවතින ධාරිතාවය මගීන් මිලියන 15ක් සඳහා පහසුකම් සැලසීමට හැකිවන පරිදි වැඩිදියුණු කිරීමට ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේ.
එම ව්‍යාපෘතිය නිම වන තෙක් මගීන් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් අතුරු පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට යෝජනා වී ඇත. ඒ අනුව එම අතුරු පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීම සදහා චීන රජයට භාර දීමට නියමිතයි.