Social Icons

facebookrss feedemailtwitter

Tuesday, October 2, 2018

සුකීගේ සම්මානනීය පුරවැසිභාවය අහෝසි කරයි

කැනඩා රජය, මියන්මාර නායිකා අවුන් සාන් සුකීට ලබා දී තිබූ සම්මානනීය පුරවැසිභාවය අහෝසි කිරීමට සූදානම් වේ.

රෝහින්ග්‍යා සරණාගත අර්බුදය පිළිබඳ සුකීගේ ක්‍රියාකලාපය මීට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. සම්මානනීය පුරවැසිභාවය අහෝසි කිරීමට කැනඩා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ. අවුන්සාන් සුකීට මෙම සම්මානනීය පුරවැසිභාවය පිරිනමා ඇත්තේ 2007 වසරේ දී ය. කැනඩාව මෙතෙක් පිරිනමා ඇත්තේ සම්මානනීය පුරවැසිභාවයන් 06ක් පමණි. පසුගිය වසරේ සිට මේ දක්වා මියන්මාරයේ රොහින්ග්‍යා සරණාගතයින් ලක්‍ෂ 07කට වඩා වැඩි පිරිසක් බංග්ලාදේශයට පලා ගොස් තිබුණි.