Social Icons

facebookrss feedemailtwitter

Sunday, July 8, 2018

දරුවන් බේරා ගැනීමට ගිය කිමිදුම්කරුවෙකු මරුට

තායිලන්තයේ චියැංග් රායි පළාතේ, තම්ග් ලුඅන්ග් ලෙන තුළ සිරවුණු දරුවන්ගේ පිහිටට පැමිණි කිමිදුම්කරුවකු ජීවිතක්ෂයට පත් විය.

මෙම කිමිදුම්කරු 38 හැවිරිදි සමන් කුනාන් යැයි පැවැසෙයි. මොහු තායිලන්ත නාවික හමුදාවේ නේවි සීල් භට කණ්ඩායමේ සේවක කර විශ්‍රාම ගිය නිලධාරියෙකි. සමන් කුනාන් ඊයේ ( 07) අලුයම කාලයේ දරුවන් කණ්ඩායමට ආහාර සහ අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යෑමේ මෙහෙයුමකට එක් වී සිටි බවත්, කිමිදෙද්දී, සිහිසුන් වී මියගොස් සිටි බවත් පසුව අනාවරණය විය.

ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී, යළි නේවි සීල් කණ්ඩායම සමඟ එක් වී ඇත්තේ ලෙන තුළ ජලයෙන් ගිලී නොගිය කුහරයකට සීමා වුණු දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීම සඳහා යැයි පැවැසෙයි. ලෙනට පිවිසෙන ස්ථානයේ සිට දරුවන් සිරවී සිටින ස්ථානයට පිහිනීම තායිලන්ත නාවික හමුදාවේ කිමිදුම්කරුවන් පමණක් නොව, විදෙස් කිමිදුම්කරුවන්ට පවා විශාල අභියෝගයක් වී ඇත.